දේශීය

මාකඳුරේ මදූෂ් වෙඩි හුවමාරුවක දී ජීවිතක්ෂයට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මාකඳුරේ මදූෂ් සෝදිසි මෙයෙුමක් අතරතුර අද (20) අලුයම සිදු වූ වෙඩි හුවමාරුවක දී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ සඟවා තිබූ මත්ද්‍රව්‍ය කිලෝ 22ක් සොයා කළ සෝදිසි මෙහෙයුමක් අතරතුර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් පොලීසියට වෙඩිතැබීමෙන් එම වෙඩි හුවමාරුව සිදු වී ඇති අතර එහි දී මාකඳුරේ මදූෂ්ට සහ තවත් CCD නිලධාරීන් දෙදෙනෙකුට ද තුවාල සිදු වී තිබේ.

ඉන් මාකඳුරේ මදූෂ් ජීවිතක්ෂයට පත්ව ඇත.

පසුව එම ස්ථානයේ කළ සෝදිසි කිරීමකින් කෝටි 22ක් වටිනා හෙරොයින් මත්කුඩු කිලෝ 22ක්, පිස්තෝල දෙකක් සහ යතුරුපැදියක් සොයාගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටි මාකඳුරේ මදූෂ් පසුගිය සිකුරාදා (16) කොළඹ අපරාධ කොට්ඨාශයට භාරදුන් අතර එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී කොටිකාවත්ත ප්‍රදේශයේ ගරාජයක සඟවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 10ක් ද සොයා ගැනුණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *