සුපිරි ක්‍රිඩකයින් පිරිවරා LPL නොවැම්බර් 21 ඇරඹේ

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීම ඊයේ (19) රාත්‍රියේ විඩීයෝ තාක්ෂණය ඔස්සේ සිදු කෙරෙණි.

එහි දී ජාත්‍යන්තර 20යි 20 තරගපිටියේ වැඩි අවධානයක් දිනාගැනීමට සමත්ව සිටින ක්‍රිස් ගේල් ඇතුළු 20යි 20 තරගපිටියේ කැපී පෙනෙන ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම කණ්ඩායම් සඳහා තෝරා ගැනිණි.

එහි දී කුසල් ජනිත් විසින් නායකත්වය ලබා දෙන කැන්ඩි ටස්කර්ස් (Kandy Tuskers ) කණ්ඩායම විසින් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස්ගේල් සිය කණ්ඩායමට තෝරාගත් අතර ඇන්ජලෝ මැතිව්ස් විසින් නායකත්වය ලබාදෙන කලම්බෝ කිංග්ස් ( Colombo Kings ) කණ්ඩායමට ජනප්‍රිය ක්‍රීඩකයින් වන ඇන්ඩ්‍රෙ රසල් සහ ෆෆ් ඩු ප්ලෙසිස් ද තෝරාගෙන තිබේ.

මීට අමතරව කාලෝස් බ්‍රැත්වයිට්, ඩේවිඩ් මිලර් සහ ෂහිඩ් අෆ්රිඩි සෙසු කණ්ඩායම්වලට තේරී පත් වුණු තරගපිටියේ කැපී පෙනෙන සෙසු ක්‍රීඩකයෝ වෙති.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා කණ්ඩායම් 5ක් තරග වදින අතර ඒවා නම්,

  1. කලම්බෝ කිංග්ස්  ( Colombo Kings )
  • නායකත්වය       – ඇන්ජලෝ මැතිව්ස්
  • පුහුණුකරු           – ඕස්ට්‍රේලියානු ජාතික ඩේව් වට්මෝර්

කලම්බෝ කිංග්ස් කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් ලෙස බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඇන්ඩ්‍රෙ රසල් සහ ෆෆ්   ඩු ප්ලෙසිස් වැනි විදේශීය ක්‍රීඩකයින් ද ඉසුරු උදාන, දිනේෂ් චන්දිමාල් සහ දුෂ්මන්ත චමීර වැනි දේශීය ක්‍රීඩකයින්ද ඇතුළත්ව ඇත.

2.කැන්ඩි ටස්කර්ස් ( Kandy Tuskers )

  • නායකත්වය       – කුසල් ජනිත් පෙරේරා
  • පුහුණුකරු          – හෂාන් තිලකරත්න

කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ සෙසු ක්‍රිඩකයින් ලෙස සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල් ඇතුළුව පාකිස්තානු වේගපන්දු යවන වහාබ් රියාස් සහ ලියම් ප්ලන්කට් වැනි විදේශිය ක්‍රීඩකයින් මෙන්ම කුසල් මෙන්ඩිස්, සිීකුගේ ප්‍රසන්න, අසේල ගුණරත්න, දිල්රුවන් පෙරේරා, කමිදු මෙන්ඩිස්, ලසිත් ඇඹුල්දෙණිය වැනි දේශීය ක්‍රිඩකයින් ඇතුළත් වේ.

3.දඹුල්ල හෝක්ස් ( Dambulla Hawks )

  • නායකත්වය       – දසුන් ශානක
  • පුහුනුකරු           – ජෝන් ලුවිස්

මෙම කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා ලෙස දකුණ අප්‍රිකානු ක්‍රීඩක ඩේවිඩ් මිලර් පත් වෙද්දී වේගයෙන් පන්දුවට පහර දිය හැකි කාලෝස් බ්‍රැන්වයිට් ද තේරි පත් වී තිබේ.

එමෙන්ම නිරෝෂන් දික්වැල්ල, ඕෂධ ප්‍රනාන්දු, උපුල් තරංග, ඇන්ජලෝ පෙරේරා සහ ළහිරු පෙරේරා යනාදී ක්‍රිඩකයින් ද දඹුල්ල හොක්ස් නියෝජනය කරයි.

4.ගෝල් ග්ලැඩියේටර්ස් (Galle Gladiators )

  • නායකත්වය      – ලසිත් මාලිංග

මෙම කණ්ඩායම සඳහා ෂයිඩ් අෆ්රිඩි මෙන්ම මෙහොමඩ් අමීර් ඇතුළත්ව සිටින අතර කොලින් ඉන්ගැහැම් හැරුණු විට සෙසු විදේශ ක්‍රීඩකයින් පකිස්තානු ජාතිකයින් වේ.

එමෙන්ම ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, අකිල ධනංජය සහ ෂෙහාන් ජයසූරිය යන දේශිය ක්‍රීඩකයින් ද ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ඇතුළත් වේ.

5.ජැෆ්නා ස්ටැලියන්ස් ( Jaffna Stallions )

  • නායකත්වය      – තිසර පෙරේරා

ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සඳහා ඩේවිඩ් මාලන්, ෂොයෙබ් මලික්, උස්මාන් ශින්වාරි, අසීෆ් අලී වැනි විදේශීය ක්‍රීඩකයින් ක්‍රීඩා කරන අතර වනිඳු හසරංග, ධනංජය ද සිල්වා, මිනෝද් භානුක, චතුරංග ද සිල්වා, චරිත් අසලංක, සුරංග ලක්මාල් සහ අවිශ්ක ප්‍රනාන්දු දේශීය ක්‍රීඩකයින් අතර වේ.

මෙම ක්‍රිඩකයින්  තේරිම ඒ ඒ කණ්ඩායම්වල හිමිකාරිත්වය විසින් නම්කරන ලද පුහුණුකරුවන්, කළමනාකරුවන්ගේ සහ හිමිකරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැති අතර ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් LPL තරගාවලි අධ්‍යක්ෂ රවීන් වික්‍රමරත්න, ප්‍රවින විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා, පරිපාලන ප්‍රධානි අරුණද සිල්වා, සහ කමිටු ප්‍රධානි බන්දු බස්නායක යන මහත්වරු සහභාගී වුහ.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය නොවැම්බර් මස 21වන දින ආරම්භවන අතර දෙසැම්බර් 13 වන දින දක්වා පල්ලෙකැලේ සහ සුරියවැව ක්‍රිඩාංගණයන්හි දී පැවැත්වීමට නියමිතයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published.