විදේශීය

ඇලස්කා ප්‍රාන්තයේ භූචලනයක්

රික්ටර් මාපක 7.5ක භූචලනයක් ඇමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්ත දකුණු වෙරළ තීරයේ හටගෙන තිබේ.

භූචලනය හේතුවෙන් වෙරළාශ්‍රිත ප්‍රදේශ කිහිපයකට සුනාමි රළ පහරක් පැමිණ ඇති  බවත් රළ පහර පැමිණීමට පෙර වෙරළාශ්‍රිත නිවැසියන් වෙනත් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

භූචලනයෙන් සිදුව ඇති හානි පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එම ප්‍රදේශයේ රික්ටර් මාපක 7.8ක භූචලනයක් පසුගිය සඳුදා දිනයේද සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?