ක්‍රීඩා

CSK කණ්ඩායම පරදා RR ජය ගනී – IPL

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (19) තරගය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර අබුඩාබිහි දී පැවැත්විණි.

එම තරගය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු 7කින් ජය ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් විය.

එහි දී කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 125කි.

එම තරගයේ ද පිතිහරඹයේ දී අසාර්ථක වූ චෙන්නායි කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 28ක් රැස්කර ගත් අතර රවීන්ද්‍ර ජඩේජා පන්දු 30ක දී නොදැවී ලකුණු 35ක් රැස්කර ගත්තේය.

ලකුණු 126ක පහසු ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 3ක දී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 126ක් රැස්කර තරගය ජයගත්තේ කඩුලු 7ක් අතැතිවයි.

අනර්ඝ පිති හරඹයක යෙදුණු ජෝස් බට්ලර් තරගයේ වීරයා වූ අතර ඔහු පන්දු 48ක් තුළ දී නොදැවී ලකුණු 70 රැස් කිරීමට සමත් විය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 38වන තරගය කිංග්ස් ලෙවන් පංජාබ් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *