දේශීය

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ තාවකාලිකව වැසේ

පෑලියගොඩ වෙළඳ සංකීර්ණයේ පුද්ගලයින් 49 දෙනෙකුට නව කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

කොවිඩ් ආසාදිතයින් ගැවසුණු ස්ථානයක් ලෙස පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණය හඳුනාගත් බැවින් වසංගත රෝග විද්‍යා අංශය විසින් සිදුකළ දැනුම් දීමකට අනුව පෙරේදා (19) දිනයේ දී අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින් 100 දෙනෙකුගේ PCR පරීක්ෂණයන් සිදුකර ඇති අතර ඉන් 49 දෙනෙකු හට නව කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

මේ හේතුවෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව එම ප්‍රදේශයභාර සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *