මිනුවන්ගොඩ කොවිඩ් පොකුරින් තවත් ආසාදිතයින් 180ක්
ඊයේ (20) දිනයේ දී කොවිඩ් වෛරසය ආසාදිතයින් 180දෙනෙක් හමුවීමත් සමඟ මිනුවන්ගොඩ ආසාදිතයින් සංඛ්‍යාව 2,342ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එම ආසාදිතයින් 180දෙනා අතර නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුදිගලයින් 37දෙනෙක්, මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින්ගේ ආශ්‍රිතයින් 83දෙනෙක්, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 52දෙනෙක් හා විදේශ රට වල සිට පැමිණි පුද්ගලයින් කිහිපදෙනෙක් වේ.
මතුගම ප්‍රදේශයේ හුදෙකලා කර ඇති ගම්මාන තුනට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ නිවාස 400ක් පමණ ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇති බවත් බේැරුවල, මග්ගොන ප්‍රදේශයේ ඊයේ දින හදුනාගත් ආසාදිතයින් සොයා නිරෝධායන කටයුතුවලට යොමු කිරීමට පියවර ගනිමින් සිටින බව දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
