දේශීය

මීගොඩ වෙළඳසැලක හිමිකරුවෙකුට කොරෝනා

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙ‌ළෙඳසැලක හිමිකරුවෙකුට ද නව කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබේ.

ඒ හේතුවෙන් අදාළ වෙලෙඳසැලේ සේවකයින් 15 දෙනෙකු මේ වන විට නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි.

මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ආසාදිත පුද්ගලයා වකුගඩු ආශ්‍රිත රෝගී තත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා ඇති අතර පසුව ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමේ දී සිදුකළ PCR පරීක්ෂණයෙන් ඔහු වෛරස ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත.

මේ වන විට ඔහුගේ ආශ්‍රිතයින් හඳුනාගනිමින් සිටින බව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *