දේශීය

අයවැයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

2021 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

ඊයේ (20) දිනයේ දී මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 2021 වර්ෂයේ අයවැයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

එම අයවැය විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2021 වර්ෂයේ රජයේ වියදම රුපියල් බිලියන 2678ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.

ඊට අදාළ අයවැය යෝජනා එළඹෙන නොවැම්බර් 17වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?