කුලියාපිටියෙන් තවත් ආසාදිතයින් 14ක්
කුලියාපිටිය ප්‍රදේශයෙන් තවත් කොවිඩ් 19 ආසාදිතයින් 14දෙනෙක් හඳුනාගත්බව කුලියාපිටිය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය උත්පල ගුණසේකර මහතා පවසයි.
ඒ අනුව කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් මේ දක්වා වෛරස ආසාදිතයින් 44 දෙනෙකු හඳුනාගෙන තිබේ.
කොවිඩ් වෙරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මේ වන විටත් කුලියාපිටිය පොලිස් කොට්ඨාසයට අයත් කුලියාපිටිය, නාරම්මල, ගිරිඋල්ල, දුම්මලසූරිය සහ පන්නල යන පොලිස් බලප්‍රදේශ සඳහා නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
