දේශීය

කොළඹ ප්‍රදේශ කිහිපයකට ඇඳිරිනීතිය

කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ 5කට වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට තීරණය කළ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, ග්‍රෑන්පාස් සහ වැල්ලම්පිටිය යන පොලිස් බලප්‍රදේශ සඳහා අද (22) උදෑසන 5.00 සිට සඳුදා උදෑසන 5.00 දක්වා නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කර තිබේ.

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මෙලෙස එම ප්‍රදේශවලට ඇඳිරිනීතිය පැන වූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අගලවත්ත, ගොරක්ගොඩ, බේරගම,දාපිලිගොඩ, කැකුලන්දර උතුර යන ග්‍රාම නිලධාරී වසම් 5 සහ පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෙල්ලන යන ග්‍රාම නිලධාරි වසම වහාම ක්‍රියාත්මකවන පරිදි නැවත ද දැනුම්දෙනතුරු හුදෙකලා ගම්මාන ලෙස නම් කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *