ගම්පහ දිස්ත්‍රික්කයේ උසස් පෙළ සිසුන්ට ප්‍රවාහන සේවා
ගම්පහ දිස්ත්‍රික්කයේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකවන ප්‍රදේශවල උසස් පෙළ සිසුන්ට සහ විභාග කාර්ය මණ්ඩලවලට ප්‍රවාහන සේවා යොදවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ශිෂ්‍යත්ව විභාග ඇගයීම් මධ්‍යස්ථානවලට පැමිණෙන ගුරුවරුන්ට ද එම ප්‍රවාහන පහසුකම් ලබා ගත හැකි බවත් කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ හා ගම්පහ දිස්ත්‍රික්කයේ ශිෂ්‍යත්ව ඇගයීම් අත්හිටුවා ඇති බවත් විභාග කොමසාරිස් ජනාරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කරයි.
විභාග කොමසාරිස්වරයා වැඩි දුරටත් සඳහන් කරන්නේ සෙසු ප්‍රදේශවල ශිෂ්‍යත්ව ඇගයීම් කටයුතු අද ( 22 ) සිට 27 වෙනිදා දක්වා සිදු කෙරෙන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
