චීන කොවිඩ් එන්නත බ්‍රසීලයෙන් ප්‍රතික්ෂේප කරයි
චීනය විසින් නිෂ්පාදනය කළ කොවිඩ් මර්දන එන්නත කිසිසේත්ම මිල දී නොගන්නා බව බ්‍රසීල ජනාධිපති ජයිල් බොන්සනරෝ අවධාරණය කරයි.
චීන කොවිඩ් එන්නත වෙනුවට නව එන්නතක් නිෂ්පාදනය කරන බව බ්‍රසීල ජනාධිපතිවරයා පවසයි.
බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ පෞද්ගලික ඖෂධ නිෂ්පාදන සමාගමක සහයෙන් නව එන්නතක් අත්හදා බැලීම ආරම්භකර ඇති අතර ස්වේච්ඡා සේවකයින් දසදහසක සහභාගීත්වයෙන් ඊට අදාළ සායනික අත්හදා බැලීම් අදියර තුනක් යටතේ සිදුකරන බව බ්‍රසීල ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
ලොව තුන්වැනියට වැඩිම කොවිඩ් ආසාදිතයින් වාර්තා වන බ්‍රසීලයෙන් සමස්ථ ආසාදිතයින් 5,300,649දෙනෙක් වාර්තා වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 155,459කි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
