දේශීය

මුල්ලේරියාව රෝහලට පැමිණි දෙදෙනෙකුට කොරෝනා

මුල්ලේරියාව රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුට නව කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව කොවිඩ්  19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

එම රෝහලේ දී අහඹු ලෙස සිදුකළ PCR පරීක්ෂණයකින් ඔවුන් ආසාදිතයින් ලෙස තහවුරු වී තිබේ.

එම ආසාදිතයින් දෙදෙනා සාමාන්‍ය උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට මුල්ලේරියා රෝහලට ඊයේ (21) දින පැමිණ ඇති අතර එහි දී ඔවුන්ව රෝහල් බලධාරීන් විසින් PCR පරීක්ෂණයන් සඳහා යොමුකර තිබේ.

අද (22) දිනයේ දී ලැබුණු එම පරීක්ෂණ වාර්තාවන්ට අනුව එම පුද්ලයින් දෙදෙනාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

එම ආසාදිතයින් දෙදෙනා උඩුමුල්ල සහ මාළිගාගොඩැල්ල යන ප්‍රදේශ දෙකක පදිංචිකරුවන්වන බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *