ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 88ක් අත්අඩංගුවට
ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 88දෙනෙකු සහ වාහන 17ක් අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
නිරෝධායන ඇදිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශ හරහා ගමන් කරන වාහනවලට එම ප්‍රදේශවලට පුද්ගලයින් බැස්සවීම හෝ නංවා ගැනීම නොකළ යුතු අතර එලෙස සිදු කළ වාහන 12ක් අත්අඩංගුවට ගත් බවත් ඉදිරියේදී නිරෝධායන නීතිය යටතේ ඔවුන්ට කටයුතු කරන බවත් නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.
ඒ අනුව අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් ගණන 691ක් වන අතර පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 92කි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
