බේරුවල, අළුත්ගම, පයාගල පොලිස් බලප්‍රදේශවලට ඇඳිරිනීතිය
කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල, පයාගල සහ අළුත්ගම යන පොලිස් බලප්‍රදේශ සඳහා සඳුදා උදෑසන 5 දක්වා වහාම ක්‍රියාත්මකවන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය පැනවූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
බේරුවල ධීවර වරාය ආශ්‍රිතව අහඹු ලෙස සිදුකළ PCR පරීක්ෂණයන් 100කින් පුද්ගලයින් 20 දෙනෙකු අද (23) පෙරවරුවේ කොවිඩ් වෛරස ආසාදිතයින් ලෙස හඳුනාගන්නා ලදී.
තවත් PCR පරීක්ෂණයන් 800කට ආසන්න ප්‍රමාණයක් බේරුවල වරාය ආශ්‍රිතව සිදුකර ඇති අතර එම පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිතය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
