බස්නාහිර පළාතේ වැටලීමකින් සැකකරුවන් 219ක් අත්අඩංගුවට

ගත වූ පැය 24ක කාලය තුළ බස්නාහිර පළාතේ කළ වැ‌ටලීමකදී පුද්ගලයින් 219 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස, බොරුල්ල, ජා-ඇල ,කොටදෙණියාව සහ දොම්පේ යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් පිරිසකි.

පොලීසිය සඳහන් කළේ, එහිදී සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 71 යි මිලිග්‍රෑම් 195ක් ද, නීතිවිරෝධි මත්පැන් බෝතල් 723ක් ද , ගංජා ග්‍රෑම් 39 යි මිලිග්‍රෑම් 520ක් ද පොලිස් භාරයට ගත් බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published.