දේශීය

බේරුවල ධීවර වරාය වසා දැමේ

බේරුවලින් පෑලියගොඩ මත්ස්‍ය වෙලදපොලට මසුන් රැගෙන ගියලොරි රථයේ රියදුරන් හා සහායක පුද්ගලයින් 10 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව අද ( 23 ) බේරුවල ධීවර වරායේ කලමණාකාර එඩ්වඩ් දයාමාල් මහතා පවසයි.

බේරුවල ධීවර වරාය පරිශ්‍රයේදී අහඹු ලෙස පුද්ගලයන් 100 දෙනෙකු ඊයේ ( 22 ) පී සී ආර් පරීක්ෂණ සඳහා තෝරාගත් අතර එම තෝරාගත් පුද්ගලයින්ගේ පී සී ආර් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිත පුද්ගලයින් තහවුරු වූ බව බේරුවල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

එමෙන්ම මෙම තත්ත්වය හේතුවෙන් අද ( 23 ) දිනයේ සිට බේරුවල ධීවර වරාය නැවත දැනුම් දෙනතුරු වසා දමා ඇති බව ධීවර වරායේ කලමණාකාරවරයා වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *