කළුබෝවිල රෝහලෙන් කොවිඩ් ආසාදිතයෙක්
කළුබෝවිල රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි පුද්ගලයෙකු නව කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස තහවුරු වී තිබේ.
අදාළ ආසාදිතයා වෙනත් රෝග ලක්ෂණ පවසමින් කළුබෝවිල රෝහලට ඇතුළත් වී ඇති අතර ඔහුව රෝහල් බලධාරීන් විසින් PCR පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව ඔහු ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇත.
කොවිඩ් ආසාදිත පුද්ගලයා කොළඹ IDH රෝහලට යවා ඇති අතර එම වාට්ටුවේ සේවය කළ රෝහල් කාර්ය මණ්ඩලයේ සේවකයින් 12 දෙනෙක් නිරෝධායනය සඳහා යොමුකර ඇති බව වාර්තා වේ.
එමෙන්ම මේ හේතුවෙන් කළුබෝවිල රෝහලේ 7 වාට්ටුව වසා එහි ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් නිවෙස් වෙත යැවූ බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
