ක්‍රීඩා

MI කණ්ඩායමට කඩුලු 10ක තියුණු ජයක් – IPL

ඉන්දීය ප්‍රිමියර් තරගාවලියේ ඊයේ (23) පැවැති තරගය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු 10කින් ජයගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනාගත් මුම්බායි ඉන්දියන් පිල පළමුව පන්දුවට පහර දීමට චෙන්නායි සුපර් කිංග්ස් පිලට ඇරයුම් කළේය.

මුම්බායි ඉන්දියන්ස් පිලේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි චෙන්නායි පිල නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කරගත්තේ ලකුණු 114ක් පමණි.

ලකුණු 115ක පහසු ඉලක්කයක් හඹාගිය මුම්බායි ඉන්දියන්ස් පිල පන්දුවාර 12යි පන්දු 2කදී කිසිඳු කඩුල්ලක් නොදැවී ලකුණු 116ක් රැස්කරගත්තේ තරගයේ ජය තමන් සතු කරගනිමිනි.

පන්දුවාර 4ක් අවසානයේ ප්‍රතිවාදී පිලට ලකුණු 18ක් පමණක් රැස්කරගැනීමට ඉඩ දී කඩුලු 4ක් දවාගත් ට්‍රෙන්ට් බෝල්ට් එම තරගයේ වීරයා විය.

එම තරගයේ ජයග්‍රහණයත් සමඟ මුම්බායි ඉන්දියන්ස් පිල නැවතත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටී.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *