දේශීය

ඇඳිරිනීතිය කඩකළ තවත් පුද්ගලයින් 165ක් අත්අඩංගුවට

ගත වු පැය 24 තුළ නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කළ තවත් පුද්ගලයින් 165 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව මේ වන විට ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 924දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රථවාහන 140ක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

එමෙන්ම අද (25) දින සිට නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත්වෙන පොලිස් බල ප්‍රදේශ තුළ රාජකාරි සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.  


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *