දේශීය

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර 4,050ක් දක්වා ඉහළට

ගතවුණු පැය 24 තුළ දී පුද්ගලයින් 368 දෙනෙකු නව කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.

එම ආසාදිතයින් අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ ආශ්‍රිතයින් 232දෙනෙකුත් නිරෝධායන මධ්‍යස්ථාවලින් 37දෙනෙකුත් ධීවර වරායන් ආශ්‍රිතව හඳුනාගත් 24දෙනෙකුත් සිටී.

ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තාවන සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 4,050දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ සමඟින් මෙරට දී හඳුනාගත් සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 7,521දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් ආසාදිතයින් 3,714දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

තවත් ආසාදිතයින් 3,792දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර කොවිඩ් හේතුවෙන් මෙරට සිදුව ඇති සමස්ථ මරණ සංඛ්‍යාව 15කි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *