ක්‍රීඩා

KKR කණ්ඩායමට තවත් ජයක් – IPL

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (24) පැවැති තරගය දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරදා ලකුණු 59කින් ජය ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 194ක් සිය කණ්ඩායම වෙනුවෙන් රැස්කර ගත්තේය.

ලකුණු 195ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 135ක් පමණි.

ඒ අනුව කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ලකුණු 59කින් තරගයේ ජය ලබාගත් අතර කඩුලු 5ක් දවා ගත් වරුන් චක්‍රවර්ති තරගයේ වීරයා විය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරගයක් කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර ඩුබායි හීදී පැවැත්විණ.

එම තරගය ලකුණු 12කින් ජය ගැනීමට කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම සමත් විය.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කාසියේ වාසිය දිනාගත් අතර පළමුව පන්දුවට පහර දීම සඳහා කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායමට ඇරයුම් කළේය.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 126ක් පමණි.

ලකුණු 127ක පහසු ඉක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි සිය ප්‍රතිවාදී පිලේ කඩුලු සියල්ලම දවා ගැනීමට කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායමේ පන්දු යවන්නන් සමත් විය. ඒ අනුව හයිද්‍රාබාද් කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 5කදී සියල්ලන් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 114ක් පමණි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවැති තරගයන් ජයග්‍රාහණය කළ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ සිව් වන ස්ථානය හිමිකරගත් අතර කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම පස්වන ස්ථානයට පත්විය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?