අද උදෑසන 8 සිට රාත්‍රී 10 තෙක් ගම්පහ අලෙවිසැල් විවෘතයි
නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පැය 14ක කාලයක් ලබා දී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවේ අද (26) උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 තෙක් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිල දී ගැනීම සඳහා අවස්ථාව ලබා දී ඇති බවයි.
නිරෝධායන ඇඳිරිනීතිය අද උදෑසන වන විට පොලිස් බල ප්‍රදේශ 64කට ක්‍රියාත්මකවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
