ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු විභාග කල් යයි
ඇඳිරිනීතිය පනවා තිබීම හේතුවෙන් කොළඹ අළුත්කඩේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු විභාග සියල්ල කල් දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ අද (26) සිට මෙම සතිය පුරා කැඳවීමට නියමිතව තිබූ සියලු නඩු විභාග කල් දැමූ බව ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී ප්‍රදීප් මහමුතුගලගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි.
එමෙන්ම මෙසේ කල්දමනු ලැබූ සියලු නඩු විභාගයන් සඳහා අදාළ පාර්ශ්වකරුවන් වෙත ඉදිරි කාලයේ දී නව දිනයන් දැනුම්දෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
පවතින නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙන්ම අභියාචනාධිකරණයේ ද අද (26) කැඳවීමට නියමිතව තිබූ නඩු සියල්ල කල්දැමූ බව නිවේදනයකර ඇති අතර එම නඩු විභාග සඳහා නව දිනයන් ඉදිරියේ දී දැනුම්දීමට පියවර ගන්නා බව එම නිවේදනයේ ද සඳහන් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
