ක්‍රීඩා

ක්‍රීඩා ඇමති අනුරාධපුරයට

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් අද (27) උදෑසන අනුරාධපුර ප්‍රදේශයේ නුවරවැව ඇවිදින මංතීරුවේ දෛනික ශරීර සුවතාවලට පැමිණි ප්‍රදේශයේ ජනතාව හමු වී ඔවුන් සමඟ සුහද පිළිසඳරක යෙදී ඇත.

එම ප්‍රදේශයේ ජනතාවගේ ශාරීරික සුවතා කටයුතුවලට අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා වන ඉදිරි පියවර සම්බන්ධයෙන් එහි දී සාකච්ඡාවක නිරත වූ අමාත්‍යවරයා වාහන රථගාල ආශ්‍රිතව පැසිපන්දු (බාස්කට් බෝල්) ඇතුළු ක්‍රීඩා කිහිපයක් සිදුකළ හැකි අයුරින් එම පරිශ්‍රයේ සංවර්ධන කටයුතු සිදුකිරීමට අවධානය යොමුකරන ලෙස නිළධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

තවද අනුරාධපුර නුවරවැව ඇවිදින මංතීරුව අසල එළිමහන් ශක්ති මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමට ද සැලසුම්කර ඇත.

නුවරවැව පරිශ්‍රයේ පැල රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක වූ අතර නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා එහි දී පැලයක් සිටුවීමට ද අමතක නොකළේය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන්වන තේනුක විදානගමගේ මහතා මෙන්ම ශෙහාන් සේමසිංහ මහතා ද එක් විය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *