Latestවිදේශීය

ලෝක බලවතා තෝරන්න තව ඇත්තේ දින කිහිපයයි.

ඇමරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් 03 පැවැත්වීමට නියමිතයි. එයට තව ඇත්තේ දින කිහිපයකි. එම සටන දිනෙන් දින උණුසුම් වෙමින් පවතී. වත්මන් ජනාධිපති, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් (වයස අවු 74)  සිය ආධාරකරුවන් පිරිවරා මැතිවරණ ප්‍රචාරණ කටයුතු දියත් කරමින් සිටින අතර ඔහු පවසන්නේ තමන් වාර්ථාගත වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජනාධිපතිධූරයට පත්වන බවයි.

මේ වන විට ඇමරිකාවේ කොවිඩ් ආසාධිත සංඛ්‍යාව ලක්ෂ 89 ඉක්මවා ඇත. මරණ සංඛ්‍යාව ‍දෙලක්ෂ තිස්දහස ඉක්මවා තිබේ. ‍කොවිඩ් වසංගතයෙන් බැට කෑ ලොව අංක එකේ රට ලෙස ඇමරිකාව ඉතිහාසයට එක්ව තිබේ. ඒ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය තුළ දී වීම මෙම මැතිවරණයේ තීරණ සදහා විශේෂ හේතුවක් වීමට නියමිතය.

2016 පැවති ඇමරිකානු ජනාධිපතිවරණයේ දී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ආසන 304ක් දිනා ගත් අතර ප්‍රතිවාදී ‍ඩිමොක්‍රටික් අපේක්ෂක හිලරි ක්ලින්ටන් හට ලබාගැනීමට හැකි වූයේ ආසන 227ක් පමණි. ඇමරිකානු දේශපාලනයේ දිගු ඉතිහාසයක් නොමැතිව ජනාධිපතිවරණයට ඉදිරිපත්ව 2016 දී සුවිශේෂී ජයක් හිමිකර ගත් ලෙසින්ම මෙවර ද තමන් සුවිශාල ජයග්‍රහණයක් හිමිකර ගනු ලබන බව ට්‍රම්ප් දැඩි විශ්වාසයෙන් පවසනවා.

නමුත් ඇමරිකානු දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන පරිදි මෙවර මැතිවරණයේ වැඩි වාසි ඇත්තේ ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩ්න් හටයි. දැනටමත් තම මැතිවරණ ප්‍රචාරණය තුළ වැඩි ජනතා ආකර්ෂණයක් දිනාගෙන සිටින ජෝ බයිඩ්න් (වයස අවු 78)  ඇමරිකාවේ 47 වන උප ජනාධිපති ලෙස කටයුතු කර තිබෙනවා.

මේ අතර හිටපු ජනාධිපති බැරක් ඔබාමා ද ජෝ බයිඩ්න්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ඩිමොක්‍රටික් මැතිවරණ වේදිකාව මත ජනතාව අමතමින් සිටිනවා. ඇමරකානු ජනතාවගේ ආදරයට තවමත් හිමිකම් කියන ඔබාමා  මෙවර මැතිවරණ වේදිකාවට පැමිණීම ජෝ බයිඩ්න්ගේ ජයග්‍රහණයට රුකුලක් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

‍මෙම මැතිවරණයෙන් කවුරුන් ජයග්‍රහණය කළත් ඉදිරි ගෝලීය දේශපාලන අර්බුධ රැසකට ඇමරිකානු නව පාලකයාට මුහුණ දීමට සිදුවනු ඇත. එය පෙර අත්දැකීම් වලින් විසදිය නොහැකි තරම් සංකීර්ණ මුහුණුවරක් ගනු ලබන බව පමණක් දැනට පැවසිය හැකිය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?