ක්‍රීඩා

අනුරාධපුර දිස්ත්‍රික්කයට ශරීර සුවතා මධ්‍යස්ථාන

ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහනට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ශරීර සුවතා මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා අවශ්‍ය මූල්‍යමය චෙක්පත් ලබා දීමේ සංකේතාත්මක උත්සවයක් ඊයේ (27) උතුරුමැද පළාත් ශ්‍රවණාගාරයේ දී පැවැත්විය.

නිරෝගී තරුණ පරපුරක් බිහිකිරීමේ අරමුණෙන් සෑම දිස්ත්‍රික්කයකම මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම ව්‍යාපෘතිය සඳහා ග්‍රාමීය හා පාසල් යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රතිපාදන වෙන් කරන අතර මෙම ව්‍යාපෘතිය හරහා ඉදිරියේ දී සෑම ප්‍රාදේශීය කොට්ඨාශයකම ශරීර සුවතා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට නියමිතව ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *