විදේශීය

කොවිඩ් මරණ සම්බන්ධයෙන් නවතම අනාවරණය

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ලොව පුරා සිදුවන කොවිඩ් මරණ සඳහා වායු දූෂණයේ බලපෑමක් පවතින බව ජර්මානු හා සයිප්‍රස් වි‍ශේෂඥයින් පිරිසක් විසින් සිදුකළ අධ්‍යනයකින් අනාවරණය වී තිබේ.

ඒ අනුව ලොව පුරා මේ දක්වා සිදුව ඇති කොවිඩ් මරණ වලින් 15%කට වායු දූෂණයේ බලපෑමක් පවතින බවට නිගමනය කළ හැකි බව එම වි‍ශේෂඥයින් පවසන අතර පෘථීවියේ වායු දූෂණය වැඩිම කලාපයවන නැගෙනහිර ආසියානු කලාපයේ මේ දක්වා සිදුව ඇති කොවිඩ් මරණවලින් 27%කටම වායු දූෂණය හේතු වී ඇති බවට අනාවරණය වී ඇත.

ලෝකයේ සෑම පුද්ගලයෙකුගේම ආයු කාලයෙන් වසර දෙකක් වායු දූෂණය හේතුවෙන් අඩුවන බව විද්‍යාඥයින් විසින් මීට පෙර සිදුකළ පර්යේෂණවලින් අනාවරණය වී තිබුණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *