දේශීය

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් ධාවනය සීමා කෙරේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය හෙට (29) සිට සීමා කිරීමට තීරණය කළ බව ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් කපිතාන් නිලාන් මිරැන්ඩා මහතා පවසයි.

කඩුවෙල පිවිසුමේ සිට පමණක් අද (28) දිනයේ දී සාමාන්‍ය පරිදි අධිවේගී මාර්ගයේ බස් ධාවනය සිදු කළ අතර හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වීමත් සමඟ එම පිවිසුමේ සිටද අධිවේගී මාර්ගයේ බස් ධාවනය සිදු නොවන බව එම මහතා වැඩිදුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *