විදේශීය

ප්‍රංශයට යළි සංචරණ සීමා

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රංශයේ නැවත වරක් සංචරණ සීමා පැනවීමට තීරණය කර තිබේ.

ඒ අනුව හෙට (30) සිට ප්‍රංශ ජනතාවට සිය නිවෙසින් පිට විය හැක්කේ අත්‍යාවශ්‍ය සේවා සඳහා හෝ සෞඛ්‍ය හේතු මත බව එරට බලධාරීන් ප්‍රකාශ කරයි.

මෙම කෙරෝනා දෙවනි රැල්ල පළමු අවස්ථාවට වඩා මරාන්තික විය හැකි බව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් පවසයි.

ප්‍රංශය හැරුණු විට ජර්මනියේ ද මුළු රටම ආවරණය වන පරිදි අර්ධ වශයෙන් සංචරණ සීමා පැනවීමට තීරණයකර ඇති අතර ඒ අනුව භෝජනාගාර, මත්පැන් අලෙවිසැල්, කායවර්ධන මධ්‍යස්ථාන සහ සිනමාහල් වසා තැබෙන බව ජර්මනියේ චාන්සර්ලර් ඇන්ජෙලා මර්කල් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *