කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් 78ක් දක්වා ඉහළට
මේ වන විට පොලිස් නිලධාරීන් 78දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
අද (31) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේය.
එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ පොලිස්පතිවරයා පැවසුවේ, තවත් පොලිස් නිලධාරීන් 300කට අධික පිරිසක් නිරෝධායනය සඳහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
