විදේශීය

බෙල්ජියම යළි වසා දැමීමට තීරණය කරයි

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තියත් සමඟ බෙල්ජියම යළි වසා දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට යුරෝපයේ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් බෙල්ජියමෙන් වාර්තා වන අතර ඒ හේතුවෙන් බෙල්ජියම වසා දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඉකුත් සති දෙක තුළ බෙල්ජියමේ සෑම පුද්ගලයින් ලක්ෂයකගෙන්ම 1600දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.

බෙල්ජියමේ මේ වන විට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් 412,314දෙනෙක් හඳුනාගෙන ඇති අතර කොවිඩ් මරණ 11, 452ක් සිදුව තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *