RR කණ්ඩායමට කඩුලු 7ක ජයක් – IPL
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (30) පැවැති තරගය කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම පරදා කඩුලු 7කින් ජයගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් විය.
තරගයේ කාසියේ වාසිය හිමිකරගත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පළමුව තෝරාගත්තේ පන්දු රැකීමයි.
ඒ අනුව පළමුව පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි කිංග්ස් ලෙවන් බැංගලූර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 185ක් රැස්කර ගැනීමට සමත් විය.
කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම වෙනුවෙන් අනර්ඝ ඉනිමක් ක්‍රිඩාකළ ක්‍රිස් ගේල් පන්දු 63ක දී ලකුණු 99ක් රැස්කර ගත්තේ හතරේ පහරවල් 6ක් සහ හයේ පහරවල් 8ක් සමඟයි.

එහි දී ජොෆ්රා ආචර් සහ බෙන් ස්ටොක්ස් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 3කදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 186ක් රැස්කර තරගය ජය ගැනීමට සමත් විය.
බෙන් ස්ටොක්ස් තරගයේ වීරයා වූ අතර ඔහු පන්දු 26ක දී ලකුණු 50ක් රැස් කළේය.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
