දේශීය

ගිනිඅවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ගිනිඅවියක් ලඟ තබාගත් පුද්ගලයෙකු අහුංගල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

එම අත්අඩංගුවටගත් සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන පොඩි ලැසී නැමැත්තාගේ සමීපතමයෙක් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

අහුංගල්ල අම්පේ පාර, පාතේගම සිදුකළ වැටලීමක දී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එහි දී සැකකරු සන්තකයේ තිබී ගිනි අවියට අමතරව ජංගම දුරකථනයක් සහ මෝටර් රථ අංක තහඩු දෙකක් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *