දේශීය

විදෙස්ගත ශ්‍රමිකයින් දිවයිනට ගෙන්වීම තවදුරටත් ප්‍රමාදයි – විදේශ රැකියා නියුක්ති කාර්යාංශය

පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් දිවයිනට ගෙන්වා ගැනීම තවදුරටත් ප්‍රමාදවන බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා සඳහන් කරයි.

එමෙන්ම මැදපෙරදිග කලාපයේ රටවල රැකියා අහිමිව ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 20,000කට ආසන්න සංඛ්‍යාවක් සිටින බවත් ඔවුන්ට එම රටවල පවතින නීතියට යටත්ව නව සේවායෝජනයින් හරහා නව රැකියා ලබා දීමට පියවර ගන්නැයි තානාපති අංශවලින් ඉල්ලීමක්  කර ඇති බවත් එම මහතා වැඩිදුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *