MI කණ්ඩායමට කඩුලු 9ක තියුණු ජයක් – IPL
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (31) පැවැති තරගය දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරදා කඩුලු 9කින් ජය ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනාගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීම සඳහා දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ඇරයුම් කළේය.
ඒ අනුව පළමුව පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 110ක් පමණි.
ලකුණු 111ක පහසු ඉලක්කයක් හඹා ගිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 2දී ලකුණු 111ක් ලබා තරගයේ ජය ලබා ගත්තේ කඩුලු 9ක් අතැතිවයි.
පන්දු 47කදී ලකුණු 72ක් ලබාගත් ඉෂාන් ක්‍රිෂාන් තරගයේ වීරයා විය.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
