දේශීය

කොවිඩ් 19 තත්ත්වය අවධානම් තුන්වන අදියරේ

නිරෝධායන ඇඳිරිනීතිය පනවා නැති සෙසු ප්‍රදේශවල ක්‍රියාකාරකම් සීමා කළ යුතු ආකාරය පිළිබඳව මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව ඇඳිරිනීතිය නැති ප්‍රදේශවල ගෘහස්ථ උත්සව පැවැත්වීම, එළිමහන් උත්සව, මහජන රැස්වීම්, සැණකෙළි, සංගීත සංදර්ශණ සහ වෙරළ සාද සඳහා අවසර හිමි නොවේ.

එමෙන්ම මාර්ගෝපදේශ මාලාවට අනුව පාසල්, විශ්වවිද්‍යාල, උපකාරක පංති, සිනමාශාලා, ළමා උද්‍යාන, සත්වෝද්‍යාන, රාත්‍රී සමාජ ශාලා මෙන්ම නවාතැන් සපයන ස්ථාන ද වසා තැබිය යුතුය.

මේ වන විට මෙරට පවතින කොවිඩ් 19 තත්ත්වය අවධානම් තුන්වන අදියර හෙවත් Alert Level 3 ලෙස සැලකෙන අතර එම තත්ත්වය වරින් වර වෙනස්වීම්වලට භාජනය වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාර්ගොපදේශ මාලාව පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *