ක්‍රීඩා

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ යළි තරග බිමට

කොවිඩ් වෛරසය ශරීර ගතවීම හේතුවෙන් පුරා සති දෙකක් ක්‍රීඩා කටයුතුවලින් ඈත් වී සිටි සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සියරා ඒ ලීග් පාපන්දු තරගාවලියේ ඊයේ (01) පැවැති තරගයට ආදේශ ක්‍රීඩකයෙකු වශයෙන් සහභාගී විය.

වෛරසය ශරීර ගතවීම හේතුවෙන් තරග 4ක් අහිමිව ගිය රොනාල්ඩෝ එම තරගයේ දී ගොල් දෙකක් වාර්තා කරමින් ජුවෙන්ටස් කණ්ඩායමට 4-1ක ජයග්‍රහණයක් අත්කර දීමට සමත් විය.

ඔක්තෝබර් 13 වෙනිදා තමන්ට වෛරසය ආසාදනය වී ඇතිබව දැනගත් රොනාල්ඩෝ පසුගිය බදාදා චැම්පියන්ස් ලීග් තරගාවලියේ බාසිලෝනා කණ්ඩායම සමඟ තරගයට සහභාගි වීමට නොලැබුණේ ඒ වන  විටත් කොරෝනා පොසිටිව් තත්ත්වයේ පසුවීම නිසා බව කණගාටුවට පත් ඔහු සිය සමාජ මාධ්‍ය හරහා දන්වා තිබුණි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?