දේශීය

පාර්ලිමේන්තුව පැය 3ක් රැස්වේ

අද ( 03 ) දින පැය තුනක කාලයක් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත.

Covid – 19 වෛරසය හේතුවෙන් මෙම සතිය තුළ පාර්ලිමේන්තුව එක් දිනකට පමණක් සීමා කිරීමට පසුගිය දා පැවති පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කළේය.

ඒ අනුව, අද පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත වන අතර යළි නොවැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව කැඳවීමට සැලසුම් කර තිබේ.

පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ඇතුළු වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආරාධිත නිලධාරීන්, සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුට අවස්ථාව නොලැබෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව, මාධ්‍යවේදීන්ට ද පාර්ලිමේන්තු කටයුතු ආවරණය කිරීම සඳහා අද දිනයේ අවස්ථාව ලබා නොදීමට තීරණය කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *