මෙරටින් තවත් කොවිඩ් මරණයක්
මෙරටින් 22වන කොවිඩ් 19 මරණය වාර්තාවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 68ක් හැවිරිදි කාන්තාවකි.
පසුගිය 01වනදා කොළඹ ජම්පටාවීදියේ නිවසකදී මියගොස් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කරන ලද මෙම කාන්තාවගේ දේහය සම්බන්ධයෙන් කරන ලද PCR පරීක්ෂණයකදී ඇය කොරෝනා ආසාදිතයෙක් බවට තහවුරු වී තිබේ.
ඇය මියයාමට ආසන්නතම හේතුව කොවිඩ් නිව්මෝනියාව තත්ත්වයක් බවත් මීට පෙර මෙම මියගිය කාන්තාවගේ පවුලේ සාමාජිකයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර අනෙකුත් සාමාජිකයන්ද නිවාස නිරෝධායනයට ලක්කර ඇති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 22කිි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
