විදේශීය

ඇමරිකානු ඉතිහාසයේ වයස්ගතම ජනාධිපතිවරයා තේරීමේ තරගය කරට කර

59වන ජානාධිපතිවරයේ  ඇමරිකානු ජනාධිපතිවරයා තේරීම ඊයේ දින පැවති අතර මේ වන විට එහි නිල ප්‍රතිඵල නිකුත් වෙමින් පවතී.

රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජන්ද කොට්ඨාස  213 ක් හිමි කරගෙන ඇති අතර ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන ජෝ බයිඩන් කොට්ඨාස 238ක් ලබාගෙන ඉදිරියෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොවිඩ් වෛරස ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තාවන රට ඇමරිකාව වූවත් මිලියන 100කට අධික පිරිසක් තම ඡන්දය ප්‍රකාශ කිරීම මගින් වාර්තාගත ඡන්දය ප්‍රමාණයක් මෙවර ප්‍රකාශිත වීම විශේෂත්වයකි.

ජෝර්ජියා, පෙන්සිල්වේනියා, විස්කොන්සින්, මිචිගන් සහ උතුරු කැරොලිනා වැනි කලාපවල අපේක්ෂකයන් දෙදෙනා අතර  තියුණු තරඟයක් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මේවන විට ජෝ බයිඩන් ඉදිරියෙන් සිටිය ද ෆ්ලොරිඩා වැනි සුවිශේෂී ප්‍රාන්තවල ට්‍රම්ප් ඉදිරියෙන් සිටින බව වැඩි දුරටත් සඳහන් කරයි.

කෙසේවෙතත් ඡන්ද විද්‍යාල 538න් 270ක් ලබා ගත් අපේක්ෂකයා මෙවර ඇමරිකා ජනාධිපතිවරයා වනු ඇත.

අපේක්ෂකයින් දෙදෙනා අතුරින් කවුරුන් ජනාධපතිවරයා ලෙස පත් වූවත් ඔහු ඇමරිකානු ඉතිහාසයේ වයස්ගතම ජනාධපතිවරයා ලෙස ඉතිහාසයට එක් වනු ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *