කොටියාගල වතුයායේ එකම පවුලේ තිදෙනෙකුට කොවිඩ්
බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන කොටියාගල වතුයායේ වතු නිවාස පේළියේ පදිංචි එකම පවුලේ තිදෙනෙකුට අද (04) කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති බවට සැමියා , බිරිද සහ දියණියගේ සිදුකළ පී.සී.ආර්. පරික්ෂණ වාර්තාව අනුව මෙම තිදෙනා කොවිඩ් ආසාදිතයින් ලෙස තහවුරු වු බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පවසයි.
එම පවුලේ 10දෙනෙකු නිරෝධානයට යොමුකර තිබු අතර ඉන් තිදෙනෙකුට මීට ප්‍රථම කොවිඩ්-19 වෛරසය අසාදනයවීම හේතුවෙන් මාතර කඹුරුපිටිය නිරෝධාන මාධ්‍යස්ථානය සහ පොළොන්නරුව මනම්පිටිය ගල්ලෑල්ල නිරෝධාන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.
ඒ අනුව මේ වනවිට එම පවුලේ 6 දෙනෙකු කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබෙන අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ එම පවුලේ අයෙකු ද සේවය කර තිබේ.
ඒ අනුව එම පවුලේ තවත් සිව්දෙනෙක් තවදුරටත් ස්වයං නිරෝධානයට යොමු කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
