ජනමාධ්‍ය අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ට ප්‍රණාමය පුද කරයි
කොරෝනා වසංගතය පරාජය කිරීමට මාධ්‍යවේදීන්ගෙන් ඉටුවන කාර්යභාරය ඉමහත් බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. රටක ජාතික ව්‍යසනය හමුවේ බොහෝ මාධ්‍යවේදීන් තම ජීවිත පරදුවට තබා ඉටුකරනු ලබන කාර්ය අති විශාල යැයි ද මෑත කාලීනව බොහෝ අවස්ථාවල මෙරට මුහුණදුන් ව්‍යසන හමුවේ ශ්‍රී ලාංකීය ජනමාධ්‍යවේදීන් ඉටුකරනු ලැබුවේ වෘත්තීමය භාවය පසෙකලා සුවිශේෂී ජාතික කාර්යභාරයක් යැයි ද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
වත්මන් කොවිඩ් 19 ව්‍යසනය හමුවේ මෙරට මාධ්‍යවේදීන් ඉටුකරනු ලබන සේවාව ඇගයීමට ලක් කරමින් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටී.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
