මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් ගණන 8,540 දක්වා ඉහළට
කොවිඩ් වෛරස ආසාදනය වූ තවත් ආසාදිතයින් 274ක් වාර්තා වී ඇත.
මේවන විට වාර්තා වූ ආසාදිතයින්ගේ ආශ්‍රීතයින් 267ක් හා නිරෝධායන මධ්‍යස්ථාන තුළින් ආසාදිතයින් 07ක් මෙසේ වෛරසයට ගොදුරු වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 8,540ක් දක්වා ඉහළ යන ලදි .
මේ වන විට මෙරට සියලුම දිස්ත්‍රික්කයන්ගෙන් කොවිඩ් ආසාදිතයින් වාර්තා වී ඇති අතර වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 12,018ක් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
