දේශීය

මුහුණු ආවරණ නොපැළදීමෙන් පුද්ගලයින් 75ක් අත්අඩංගුවට

දුරස්ථභාවය තබා නොගැනීම හා මුහුණු ආවරණ නොපැළදීම සම්බන්ධයෙන් පුද්ගලයින් 75 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඊයේ (03) දින තුළ බස්නාහිර පළාතෙන් පමණක් නිරෝධායන ඇඳීරිනීතිය කඩ කළ පුද්ගලයින් 220ක් අත් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඔක්තෝබර් 04 වැනිදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති බස්නාහිර පළාත ඇතුළු පොලිස් බලප්‍රදේශ කිහිපයක ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයින් 2200ක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් භාරයට ගෙන ඇති වාහන ගණන 340ක් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *