දේශීය

ධීවර සංස්ථාව විසින් මාළු මිල දී ගනී

ධීවර සංස්ථාව විසින් ධීවර වරායන්වල ගොඩ ගැසී ඇති මාළු මිලදී ගැනීමට කටයුතු කර ඇත.

එහි දී මාළු කිලෝ 80,000 කට අධීක ප්‍රමාණයක් මිල දී ගෙන ඇති බවත් එම මාළු පෞද්ගලික අංශයේ ශීතකරණ පහසුකම් යොදා ගබඩා කරන බවත් ධීවර සංස්ථා සභාපති මේජර් ලලිත් දවුලගල මහතා විසින් සඳහන් කර ඇත.

බලයා 1kgක් රුපියල් 200ක්

ලින්නා 1kg ක් රුපියල් 150ක්

කෙලවල්ලා 1kg ක් රුපියල් 350ක්

තලපත් 1kg ක් රුපියල් 550ක්

කොප්පරා 1kg ක් රුපියල් 600ක්

යන මිල ගණන් යටතේ ධීවර සංස්ථාව විසින් මාළු මිලදී ගෙන ඇති බවත් එම මාළු සුරක්ෂිතව ඇසුරුම් කර ඉදිරියේ දී අලෙවි කරන බවත් ධීවර සංස්ථා සභාපති මේජර් ලලිත් දවුලගල මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?