STF කඳවුරු 3ක් හුදකලා කරයි
කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරු 03ක් හුදකලා කිරීමට තීරණය කර ඇති බව කොවිඩ් -19 වෛරස පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව කැළණිය, කලුබෝවිල සහ රාජගිරිය යන පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරු 03 හුදකලා කිරීමට තීරණය කර තිබේ.
මේ වනවිට පොලිස් විශේෂ කාර්යය බළකා සාමාජිකයින් 56 දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 183 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ් -19 වෛරස පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩි දුරටත් සඳහන් කරයි .
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
