දේශීය

ආණමඩුව රථවාහන අංශයේ ස්ථානාධිපති රිය අනතුරකින් ජිවිතක්ෂයට

අද ( 05 ) ආණමඩුව නගරයේ සිදුවූ රිය අනතුරකින් ආණමඩුව පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක අජිත් හේමන්ත රත්නායක නැමැති නිලධාරියා ජිවිතක්ෂයට පත්ව තිබේ.

කොට්ටුකච්චිය ප්‍රදේශයේ ගොවිපළකින් අනවසරයෙන් ගවයන් ප්‍රවාහනය කරන රථයක් පසුපස ලුහුබැඳ යාමේදී ඔහු ගමන් කළ මෝටර් රථය ඔරලෝසු කණුවක ගැටී මෙම අනතුර සිදුව ඇති බව ආණමඩුව පොලීසිය පවසයි.

අද අලුයම සිදු වූ එම රිය අනතුරින් තවත් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ආණමඩුව රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ මේ වන විටත් ක්‍රියාත්මක වන බව ආණමඩුව පොලීසිය වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *