එංගලන්තය පැනවු නියෝග කඩකරන්නන්ට පොලීසියෙන් අනතුරු ඇඟවීම්
කොවිඩ් -19 වෛරස හේතුවෙන් එංගලන්තය සති 04ක කාලයක් වසාදමා ඇති අතර සංචරණ කටයුතු සීමාකිරීම සඳහා ජනතාවට කොන්දේසි රැසක් පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එංගලන්තය වසා දැමීමෙන් පසු පැනවු නියෝග කඩ කළ පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව එරට පොලීසිය අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.
ඒ අනුව අත්‍යවශ්‍ය නොවන වෙළෙඳසැල්, ආපනශාලා ආදිය වසා දැමීමට නියෝගකර ඇති අතර නිවෙස්වලින් බැහැරව නොයන ලෙස ද එරට ජනතාවට දැනුම් දී තිබේ.
ලබන දෙසැම්බර් මස දෙවනදා දක්වා රට වසා තැබෙන අතර එම කාලය තුළ අදාළ නියෝග කඩකරන්නන්ට එරෙහිව දැඩි දඬුවම් පනවන බව එරට පොලීසිය අනතුරු අඟවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
