දේශීය

නිරෝධායනය අවසන් කළ තවත් පුද්ගලයින් 156ක් නිවෙස් වෙත

ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 3ක සිටි නිරෝධායන කාලසීමාව අවසන් කළ පුද්ගලයින් 156 දෙනෙකු අද ( 05 ) සිය නිවෙස් වෙත පිටත් කර හරින බව කොවිඩි 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ වනවිට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවලින් නිරෝධායන කාලසීමාව අවසන් කළ නිවෙස් වෙත පිටත්කර යැවූ  සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 63,439ක් වන අතර තවදුරටත් එම මධ්‍යස්ථාන 33 ක නිරෝධායන වෙමින් සිටින පුද්ගලයින් සංඛ්‍යාව 2,601ක් වන බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *